සඳෙන් එහා කඳු මුදුන් ඉමේ - මිල්ටන් මල්ලවාරච්චි | Sanden eha kandu mudun ime - Milton Mallawarachchi - sinhala lyrics


සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ

දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ

සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMP3

Comments