සුදු නෙලුම කෝ - ඩබ්ලිව්.ඩී. අමරදේව | Sudu neluma ko - WD Amaradewa


සුදු නෙලුම කෝ
සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝය දා පහලොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ

වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ

සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝය දා පහලොස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ

සුදු නෙලුම කෝ


ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

Comments

  1. මේ ගීතයට පාදක වුනු සත්‍ය දුක්බර අත්දැකීමක් තියෙනව රත්න ශ්‍රී ට.

    ReplyDelete
  2. නෙළූ මල් ටික ඉහිරුණා නෙමෙයි මචං නෙළූ මල් මට ඉහිරුණා

    ReplyDelete
    Replies
    1. නෙළූ මල් මිට නේද හරියටම? ස්තූති වේවා!

      Delete
    2. ow machan...
      ubala mee karanne loku sevayak machan...
      Congratz hamotama..

      Delete
  3. Sudu Neluma Ko Sora Bora Wawe Song Meaning | සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගිතයේ අරුත

    Video :- https://youtu.be/oFLEzi-nAJQ
    Website :- bit.ly/34TmHfE
    Fb Page :- bit.ly/2kqmzlP

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...