සිහිනයට තරම් - කසුන් කල්හාර, ප්‍රතිභා ප්‍රභා | Sihinayata tharam - Kasun Kalhara, Prathibha Prabha




සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර
සිත නුඹම සොයා වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වැතිර නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟක් මියුරු ලෝකෙන් අරන් එයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කඳුලක් ළඟට දුර තව දුරස් කරේ නුඹය
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හැම සෑබෑ කෙරූ සසර
නුඹ සඳ කිරණක් කුමුදු යායක් පුබුදු කර
මා හද කළ සුවඳ

සිහිනයට තරම් තටු නෑ මට නම්...


ගායනය - කසුන් කල්හාර, ප්‍රතිභා ප්‍රභා
සංගීතය - කසුන් කල්හාර
ගී පද - යමුනා මාලිනී පෙරේරා



Comments