කුරුළු ගමේ කුරුළු ගෙදර - චිතා සෝමපාල, පී.එල්.ඒ. සෝමපාල, ක්ලැරන්ස් විජේවර්ධන | Kurulu game kurulu gedara - Chithra Somapala, PLA Somapala, Clarance Wijewardena



කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී //

මනාලයා ආවම හැඩටම පිළිගන්නේ
මනාලයගෙ නෑයින් පෙරමගටයි යන්නේ
කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා
ආ හැම‍ දෙන පිළිගන්නව හොටට හොට තියා

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී

මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ
කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ
මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ
යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී //


ගායනය - චිත්‍රා සෝමපාල, පී.එල්.ඒ. සෝමපාල, සුපර් ගෝල්ඩන් චයිම්ස්
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...