ඔබ ළඟ නැති මේ සසරේ - ග්‍රේෂන් ජයමහ | Oba langa nathi me sasare - Gretion Jayamaha


ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

විළඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළංවූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

ඔබ ළඟ නැති මේ සසරේ...

සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා


ගායනය - ග්‍රේෂන් ජයමහ
සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක


Comments