ජීවිතේ කවියක් - නන්දා මාලිනී | Jeewithe Kaviyak - Nanda Malani


ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හඹා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් අවදිව මැවේ කවිකම..

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

සෙනෙහසින් රැදී උන් නෙක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..



ගායනය - නන්දා මාලනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ

“ගජමන් නෝනා“ ටෙලිනාට්‍ය තේමා ගීතය.




වීඩියෝව - Sanjeewani Dahanayake

Comments

  1. මම ආසම ගීතයක්

    ReplyDelete
  2. *හැගුම් අවදිව මැවේ කවිකම
    *පසුපසින් හඹා එන අතවර
    *සෙනෙහසින් රැදී උන් නෙක දන

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හදවතට දැනුන ගීතයක්.

      Delete
  4. වැරදි පෙන්වා දුන් හැමෝටම් ස්තූති වේවා!

    ReplyDelete
  5. දුක සහ සතුට පිරි අාදරය හරිම රසවත්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...