නදී ගංගා තරණයේ - චිත්‍රාල් සෝමපාල | Nadee ganga tharanaye - Chithral Somapala


නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ

සුළං රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි

ගලා එන මන්දාකිණි
හඹා යමි හමු වෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි

ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්

නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක් සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ
සිංහ ලෝකයේ //


ගායනය - චිත්‍රාල් සෝමපාල
සංගීතය - චිත්‍රාල් සෝමපාල (Jimmy Cliff - Many Rivers To Cross ඇසුරින්)
පද - බර්ට්‍රම් නිහාල්



Comments