රත්තරනින් රන් - චන්ද්‍රිකා සිරිවර්ධන | Raththaranin ran - Chandrika Siriwardena


රත්තරනින් රන් මාල නොබැන්දට
රත්තරනින් රන් තෝඩු නොදැම්මට
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි
නුඹේ දෑත මට රැකවරණයි
රත්තරං දෑත මට රැකවරණයි

කුඹුරු කොටන ඔබේ දෑත
නියර බඳින ඔබේ දෑත
කුඹුරු කොටන ඔබේ දෑත
නියර බඳින ඔබේ දෑත
මගේ පැලේ කවුළු දොරින්
උදේ හවා දුටුවා
ඒ දෑතට මගේ දෑත
දෙන්නට මා සිතුවා

රත්තරනින් රන් මාල නොබැන්දට ...

පැල් කවියක හඬින් රෑට
සිහින ලොවක ගෙවමි ඈත
පැල් කවියක හඬින් රෑට
සිහින ලොවක ගෙවමි ඈත
හදේ පැතුම් සද කිරණින්
ඔබේ පැලට ආවා
දෑතට දී මගේ දෑත
තනි රකින්න ආවා

රත්තරනින් රන් මාල නොබැන්දට


ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ


Comments