ගිණි මලක් - කිත්සිරි ජයසේකර | Gini Malak - Kithsiri Jayasekara


ගිණි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් //

මදහසක් දිළිසීය මුව අග
නිමේෂයකට අඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත

ගිණි මලක්....

දුටිමු අප ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹු නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර

ගිණි මලක්.... //



ගායනය - කිත්සිරි ජයසේකර
පද රචනය - ධම්ම දිසානයක, කීර්ති ආරියදාස
සංගීතය - ලලිත් වික්‍රම


Comments