තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
කිරට ගියා අම්මි පුතේ
කිරි එරවා එන්ට පුතේ
කිරි මුට්ටිය අතින් පුතේ
ගඟේ වැටි දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ
වළං කදක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි
තත් තත් තත් තාර පැටිය...
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නෙ නෑ
බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා
පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
තත් තත් තත් තාර පැටිය...
දොමි තරිකිට තාන් කියා
කරිකිට තක දෝං කියා
වැල ගෙඩියක් ආන් පුතේ
ගහින් වැටී දොයි
ඔන්න බබෝ බිල්ලො එනවෝ
අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි
තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි ////
ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා
මං මුලින්ම කල්දේරා ගේ සිංදුවක් ඇහුවෙ හතර වසරෙදී.. ඊට පස්සෙ මට එයාව දකින්න ලැබුන අනුරාධපුරේ නාච්චදූව වැවේදී..
ReplyDeleteආයිමත් ඔහු මතක් කළාට ස්තූතියි.. තවමත් මං රස විඳින ගායකයෙක්..
මමත් කැමතියි මගේ සිංදු පොතේ තියෙන සිංදුත් ඔයාලට දෙන්න..
හරිම අපූරුයි.. ඉස් ඉස්සෙල්ලාම ගොඩ වැදුනේ.. සුභ පතනවා!
ReplyDelete