ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ
සසර සරන තුරුම වාසනා
දෙගුරුන් වෙතින් නික්ම
සුවිසල් ලොවේ
මුදු සීත සෙවණක් සොයා
රන්වන් හුයෙන් දෑත පටලා බැඳී
ආවේ ඔබේ ලොව සොයා
ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ...
සිහිලෙන් ගිමන් නිවන
සුවඳක් ලෙසින්
ඔබගේ පැතුම් සරසාලා
ඔබගේ ළඟින් නිබඳ ඉන්නම් ඉතින්
පහනක් ලෙසින් දැල්විලා
ඔබගෙ සෙවනේ රැඳෙන සහනේ...
ගායනය - නීලා වික්‍රමසිංහ
තනුව - රෝහණ වීරසිංහ
පද - කුලරත්න ආරියවංශ
ඔබගේ ගී පෝස්ට් සියල්ලටම කොමන්ට් නොකලාට, ගී පොස්ටුවක් පලවූ පසුත්, ගීතයක් සොයා ගන්න අවශ්‍ය වූ වේලාවටත් අනිවාර්යෙන් ම එනවා.
ReplyDeleteනිරන්තරයෙන් රැඳී සීටීම ගැන ගී පැදුර කණ්ඩායමේ ස්තූතිය! :-)
ReplyDelete