රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
පොත් මිටියක් ගෙන ළමැද තබා
කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ
මතකින් නොමැකී තවම තිබේ
රන් සමනළයින් ඉගිළෙනු දැක මට...
සිතුවිලි පොදි බැඳ මහද රැඳී
සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ
රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
රන් සමනළයින් ඉගිළෙනු දැක මට
ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට
රම්‍යා ගැන සිතුවිලි එනවා
එනවා එනවා එනවා
ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
පුළුවනිනම් ගී වන MP3 ලින්ක් එකක් දෙන්න.
ReplyDeleteමේ හැම ගීතයකම mp3 ගොනුවක් හොයන එක ටිකක් අපහසු නිසයි අවශ්‍ය කෙනෙක්ට පහසු වෙන්න යූටියුබ් වීඩියෝව දෙන්නේ :-)
Delete