සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා
කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මද නල හා
මුසුව සියපත් දෙතොල් පොපියා
මුසුව සියපත් දෙතොල් පොපියා
හාදු දී මා දිහා බැලුවා
සීත දිය රැල් සලා...
විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැළුවේ
සීත දිය රැල් සලා...
ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - ධර්මදාස පරණගම
සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ
වීඩියෝව ගත්තේ මෙතැනින් - Indiketi Hewage Rohan Indika

Lyrics: Dharmadasa Paranagama
ReplyDeleteMusic: Chandradasa Bogoda
ස්තූතියි.. :)
Delete