සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද
කුමරිය තනි යහනේ නිදි වැරුවාද..
තනිකර ආ මට තව පෙම් කෙරුවාද..
සීතල සරත් සමේ නැගෙ තරිදාන
වියැලුනු ඝණ අදුරට පෙම් කෙරුවාය
පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවාය
නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය..
සයුරු සසල බව නිසලව දන්නේ වෙරලයි
සයුරේ රළ මෘදු වෙරලට හැමදා රිදවයි...//
සයුර මමයි මෘදු වෙරල නුඹයි - හරි පුදුමයි...
හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන
හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද...//
හීන බිදෙයි නෙතු නොහැර හිඳින් කුමරාන...
සීතල සරත්සමේ...
ගායනය : 6th Lane

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...