ඔබ වෙනුවෙන් මා - මිල්ටන් මල්ලවාරච්චි | Oba wenuwen maa - Milton Mallawarachci


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ///


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - සරත් දසනායක
ගී පද - බණ්ඩාර කේ. විජේතුංග




Comments

  1. මම මාර කැමති සින්දුවක් හරේ..!!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... මම කැමතිම ට්‍රම්පට් එක ඇහෙන විධියට... අර දවනු දැනේ සිසි කිරණ පවා කෑල්ල දෙවෙනි පාර කියද්දි ඇහෙන තැනට පට්ට කැමතියි...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...