සිතක ආශා - වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ | Sithaka aasha - Victor Rathnayaka, Neela Wickramasinghe



සිතක ආශා සංසිඳේ
ඔබ නිසා සිසිකෝ
සිතක ආශා නොසංසිඳේ
ඔබ නිසා නිෂාකෝ //

සීත ගඟුලැල් කියයි
ආදරේ වාසනාවන්
පිපුණ චෙරි මල් කියයි
ආදරේ වාසනාවන්
හිම පිරීලා ෆූජි කන්දේ
මේ වසන්තේ...

සිතක ආශා...

මිලින දෑසක් දකී
ආදරේ වේදනාවන්
සැලෙන හදවත් දකී
ආදරේ වේදනාවන්
හිම වැටේදෝ ෆූජි කන්දේ
එන වසන්තේ...

සිතක ආශා...

ගායනය - වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ
තනුව - වික්ටර් රත්නායක 
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments

  1. බොහොම අපූරු පැරණි ගියක්. මේ ගිය නම් මෑතදී පටිගත කළ ගීයක් ඒත් මේ ගිය වික්ටර් සංගිත ක්ෂේත්‍රයට පිවිසි 70 දශකයේ මුල් භාගයේ මුලින්ම පටිගත වුනේ. මේ ගියේ මුල් ගැයුම මා සතුව ඇති නිසා ඒ මතකය අලුත් වුනා.

    ReplyDelete
  2. මේක මම අවුරුදු කීපෙකට පස්සෙ ළඟදි ආයෙත් ඇහුවා. ලස්සන තනුවකට ගැයෙන නිසා මෙතන ලියන්න හිතුනා. වික්ටර්ටත් වඩා මම මෙතන නීලගේ කටහ‍‍‍ඬේ වෙනස්කම්වලට කැමතියි.

    පුළුවන්කමක් තියෙනවනම් පැරණි අනුවාදය අපට අහන්න දෙන්න පුළුවන්ද? ඒ වගේම මේක ලියපු, තනු හදපු අය ගැනත් කියන්න පුළුවන් නම් මෙතනටම එකතු කරන්නම්.

    ReplyDelete
  3. මේ ගීය සහ තවත් ගී ගනනාවක් තිබුණු ලංකාවෙ කැසට් ආව මුල් කලෙ කැසට් එකක මේ ගිය තිබුණෙ. කැසට් එකට එන්න කළින් වෙළඳ තැටියකට (ග්‍රැමෆෝන් වගේ) තමයි වික්ටර් මුලින්ම කියල තියෙන්නෙ.

    ගිත ලියූ අයගේ නම් දෙකක් තියෙනවා ඒ කරුණාරත්න අබේසේකර, ලයනල් ද අල්විස්
    මේ අය අතරින් මේ ගිය කරුණාරත්න අබේසේකර ලියන්න ඇත්තෙ කියලා හිතන්න පුළුවන් භාෂාව බාවිතා කරල තියෙන ආකාරයෙන්.
    සංගිතය හා තනුවටත් නම් දෙකක් මේ කැසට් එකේ ලියල තියෙනවා ඒ පැට්‍රික් දෙනිපිටිය, සරත් දසනායක යන අයගේ නම් මටනම් හිතෙන්නේ පැට්‍රික් දෙනිපිටිය කියලා. හරිම උත්තරේ හොයලම කියන්නම්
    මගේ dayanandarathnayake@gmail.com එකට ඔබේ ඊමේල් ලිපිනය දෙන්න මගේ ලඟ තියෙන එවැනි පැරණි ගීවල සීඩී ටිකක් දෙන්න පුළුවන්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...