සුපිපුණු සුන්දර නිර්මල සියපත - ඉසුරු සහ හසිත | Supipunu sundara - Isuri and Hasitha (Agasthi)

සුපිපුණු සුන්දර නිර්මල සියපත වන්ලෙස පිවිතුරු සිංහලයා
ඉපදුන දින සිට මියයන දින තෙක් රට වෙත දිවි දුන් තුන් හෙළයා
වැජඹුන පෙර දින ලොවටම ඉහලින් තෙදවත් ඇත් කුල පින්බරයා
වනසනු කීම අද අප දිනු උරුමය වත්මන් කළු සුදු සිංහලයා

රුපුසෙන් එදිරිව එයි කවදත්
උහුලනු නොහැකිව දැය තෙදවත්
පෙරලෙස දෑතට ගෙන අසිපත්
සින්හලයනි නැගිටිව් නැවතත්

ගත තුල දිවයන කකියන ලේ ඇති ගැමුණු පරපුරේ සිංහලයා
සිත් තුල නලියන දෑ බැති සිතුවිලි ඇමිණු හී සර ගත් හෙළයා
සිහ නද පතුරා මහ මෙර සොලවා අනන්ත සත් සමුදුරු කළඹා
රුපුසෙන් සක්වල එපිට හෙලූ පෙර පිට කොඳු නොබිදුනු සිංහලයා

සිංහල උරුමය පාවා දී හෙළ අබිමන් වනසාලන නරයා
පරගැති දෙටුගති මිස සිත එඩි නැති මිසදිටු ලේ ඇති නව හෙළයා
දෙවියනි කළු සුදු සිහලුන් වනසනු නුබ ගැබ වැහි නැති හෙන පතුරා
දියසෙන් කුමරුන් එන තුරු වැලපෙති විකුමැති පින් ඇති සිංහලයා

පෙර විරුවන් දිවි දී රැකගත්
සිංහලයට ඇති එකම බිමත්
අහිමිව යන තුරු කල් මැරුවොත්
සාපවේවි තොප බිව් කිරටත්
රුපුසෙන් එදිරිව එය් කවදත්
උහුලනු නොහැකිව දැය තෙදවත්
පෙරලෙස දෑතට ගෙන අසිපත්
සින්හලයනි නැගිටිව් නැවතත්

වීර ලෙයින් කකියන හදවත්...
ගැමුණු කුලේ උපදුනු පිංවත්...
රුපුසෙන් පරදා ලොව ජය ගත්...
සිංහලයිනි නැගිටිවු නැවතත්...

ගායනය : ඉසුරු සහ හසිත (අගස්ති සංගීත කණ්ඩායම)
පද රචනය : තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ
සංගීතය : අශාන් පුෂ්ප කුමාර පෙරේරා



Comments