දෙයදර විලිකුන් - මිල්ටන් මල්ලවාරච්චි | Deyadara Vilikun - Milton Mallawarachchi


දෙයදර විලිකුන් සුරත්පලේ
පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ //

මුවරද රොන් සුනු සුවඳ වෙතේ
පෙම් මදිරා අයදිමින් යතේ
නිලුපුල් නෙත් ගත් තඹුරු විතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
සීත මීදුම් සිහිනයක් වාගේ

දෙයදර විලිකුන්...

මධුවිත සැනෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞව්වන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ

දෙයදර විලිකුන්... //



ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගිතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



Comments

  1. වික්ටර්ගේ සිතක ආශා ගීයේ කමෙන්ටුව බලන්න මම ආයෙ එකක් දැම්මා.

    මේකත් 70 දශකයේ ගි අතර තිබ්බ ගීයක්. මෙහි සංගිතය: වික්ටර් රත්නායක ගී පද රචනය: කේ.ඩි.කේ. ධර්මවර්ධන

    මෙහි පදරරචනය නම් සාහිතයයෙන් ඉතාමත් ඉහල තියෙන පදරචනාවක්. කේ.ඩී.කේ. ලංකාවෙ හිටිය දක්ෂ වාග්ගේය හැකියාවක් තිබුණ කෙනෙක්. පෙර අපර දෙදිග භාෂාවත් සම්භාව්‍ය සාහිත්‍යයත් ඉහලින් පාවිච්චි කලා.
    වික්ටර්ගේ සංගිතය ගැන මොනවා ලියන්නද ඔහු තමා සිංහල සංගිතයේ මධුර තනු රචකයා. තමන්ට මෙන්ම අනෙක් ශිල්පින්ටත් හදපු තනු එකවගේ ජනප්‍රියයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...