ගැලූ දිය කඳ - අසංක ප්‍රියමන්ත පීරිස් | Galu diya kanda - Asanka Priyamantha Peiris


ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ...//

එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා...
විල් තලය හැඩ නෑ...

ගැලූ දිය කඳ...//

පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා...
වෙන්ව යන් නොහඬා...

ගැලූ දිය කඳ...//


ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගී පද - ආනන්ද හෙට්ටිආරච්චි



Comments

  1. අපූරු ගීතයක් අතීතයේ සිහින.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...