දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී..
සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..
මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැටී..
ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කලඹන්න මට සිතුණි..
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළදුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//
ගායනය - අමිල පෙරේරා
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - සමන්ති එදිරිසිංහ
වීඩියෝව ගත්තෙ - Namal Prasanna Senaviratna
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...