උකුලට නාවත් - රූකාන්ත ගුණතිලක | Ukulata nawath - Rookantha Goonathilaka - sinhala lyrics


මා ඔබෙ ළඟ අම්මේ...

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ //

කටු කොහොලින් පිරි
මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දාවල් මට හෙවනැල්ලක් වේ
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟ අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවණේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ළඟ අම්මේ

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ
මා ඔබ ළඟ අම්මේ
මා පොඩි පුතු අම්මේ
මා ඔබ ළඟ අම්මේ


ගායනය, සංගීතය, ගී පද - රූකාන්ත ගුණතිලක




වීඩියෝව ගත්තෙ මෙතනින් - deerslayer110

Comments