පෙම් රස වෑහෙන - වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා | Pem Rasa Wahena - Victor Rathnayake, Indrani Perera - sinhala lyrics



පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ..
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලඟ ගී සැරේ..(හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ...

පෙම් කතරේ දී දෑස නිවාලන අවාරයේ ආ..
පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා...

පෙම් රස වෑහෙන...

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා...සදාතනික වේවා...//
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා..

පෙම් රස වෑහෙන...

ගායනය : වික්ටර් රත්නායක සමඟින් ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සරත් දසනායක
සංගීතය : සෝමපාල ලීලානන්නද

"සඳහටම ඔබ මගේ“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Prasanna Perera

මුළු රැයක් පුරා - සමිතා එරන්දතී මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක - Mulu reyak pura - Samitha Erandathi, Mariazelle Gunathilake - sinhala lyrics



මුළු රැයක් පුරා ඔබ ඔහු ළඟ
ජිවිතය පුරා ඔහු ඔබ ළඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ

මුළු රැයක් පුරා ඔහු මා ළඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි
ඔබ ළඟයි //

ඔහුගේ උණුසුම් ආදරයේ
වාසනා හිමිකාරී ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණයි

මා සිත පවසන ඊරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න
ඔබ මා තුරුළට මට දෙන්න දෙන්න ඔහු


ඔහුගේ මංගල මුදු පැලඳූ
පාදපරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණයි

මට නැතිවනුයේ හිමි සඳු සමඟින් දූ දරුවෝ
මුළු ජිවිතයෙම අත්වැල් බැඳ ආ
මා සෙවණට මට දෙන්න දෙන්න ඔහු

ජිවිත පුරා මා ඔහු ළඟ
මා සිත සපුරා ඔහු මා ළඟ
ඔබද මා ද ඒ ප්‍රියම්බිකා ඔහු ගේ
අප කඳුළු සිනා ඔහු වෙනුවෙනී
අපි සිනාසෙමූ
ඔහුගේ නාමයෙන් වැලපෙමූ
අපි සිනාසෙමූ
ඔහුගේ නාමයෙන් වැලපෙමූ


ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල




වීඩියෝව ගත්තෙ මෙතනින් - Saranga Fernando

ඔව් මං දවසක් කිව්වා බොරුවක් - විරේෂ් කුරේ, ඩැඩී ‍| Ow man dawasak kiwwa boruwak - Viresh Cooray, Daddy - sinhala lyrics


ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් ඔව්
ඔව් මං දවසක් ඔව්

ඔව් මං දවසක් කිව්වා බොරුවක්
ආදරේට... ඕන මගුලක් යැයි කියලා
දැන් යා පැනලා තෙහෙට්ටු වීලා
සිත ඇතුලේ සිරකරගත්
දුක හොඳටම පැහිලා

මං වෙනස් වීලා මං දුරස් වීලා
ඔබට තේරුම් කරලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මං පොරොන්දු වීලා


ඔව් මං දවසක් යන්නම හැදුවා
ආදරේට... හෙණ ගහපං කියලා
පපුවට දැණුනා ඔළුවට වැදුණා
සිත ඇතුලේ දුක් ගින්දර
සොය සොය විත් දැව්වා

මං වෙනස් වීලා මං දුරස් වීලා
ඔබට තේරුම් කරලා
කියන්න බෑ මට කියන්න බෑ මට
මං පොරොන්දු වීලා


කියන්න බෑ මට කියන්න බෑ මට
මා පොරොන්දු වීලා



ගායනය - විරේෂ් කුරේ, ඩැඩී
සංගීතය, ගී පද - ඩැඩී




වීඩියෝව ගත්තෙ මෙතනින් - Mp3Lanka

මල් වියන් අතුරා - සනුක වික්‍රමසිංහ | Mal wiyan athura - Sanuka Wickramasinghe - sinhala lyrics



මල් වියන් අතුරා
ආදරෙන්
ඔබ එනමග මා සරසන්නම්
කීවෙමී එදා
සෙනෙහේ සිතින්

නෑ හදේ තරහා
සිතන්නෙමි
ඔබෙ සිනහව අමතක ලන්නේනම්
කෙසේ කියා
සැමදා මෙසේ

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී

මල් වියන් අතුරා
ආඩම්බරෙන්
ඔබ එනවග මා පවසන්නම්
කී වදන් එදා
බොඳවී ගිහින්

වාවන් නෑ සොවින් ඔබ හා
දෙඩූ දවස් මතකෙට නැගෙනා
හැම මොහොතකදී
හදේ සඟවා...ගෙන ඉන්නෙමි

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී

හැරයන්නෑ මා කිසිදා
අප මැවු දිවි ගෙව් කතා
සුන්දර මතකයන් පවා
සැමදා රැදී තියෙයි මා හා

සැලුනා ඉඳුරන් මගේ
තවමත් මතකයි ඒ සිහිනේ
අඩමානේ යෞවනයේ රැවටීලා
අදරින් අඳවීලා උන්නෙමී //


ගායනය, සංගීතය, ගී පද - සනුක වික්‍රමසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් -SANUKA

පෙම් සිත ළඟ නතර වෙන්න - රාජු බණ්ඩාර | Pem sitha langa nathara wenna - Raju Bandara - sinhala lyrics

පෙම් සිත ළඟ නතර වෙන්න
ආශා හිතෙන හිත් පොඩියට
තුරුල්වෙලා තරු ගණින්න

පෙම් සිත ළඟ නතර වෙන්න
ආශා හිතෙන හිත් පොඩියට
තුරුල්වෙලා තරු ගණින්න
තව කොච්චර කල් යාවිද
තව කොච්චර කල් යාවිද
කියා දෙන්න ඉඩ දෙනවද සමනලී
රන් සමනලී


අර මෝදු වෙනා සඳ යහනට
ගව් ගණනක් පයින් යන්න
පියාපත් තියා එනවද සමනලී
ඇඟිලි තුඩින් හිස පිරිමැද
ආලවන්ත කම කියන්න
මං කොච්චර ආදරේද සමනලී
කියාදෙන්න ඉඩ දෙනවද සමනලී
රන් සමනලී


ඔය අහංකාර මුණු පොඩියේ
ආඩම්බර තරු ඇස් දෙක
මගේ ළඟින් තියා යන්න සමනලී
මගේ ආදරේ

මගේ ආදරේ කොච්චරක්ද
කඳුලු එක්ක
කියලා දෙන්න ඉඩක් දෙන්න
රන් සමනලී


ගායනය - රාජු බණ්ඩාර

මේ ගීතයේ අනෙකුත් හිමිකරුවන් දන්නවානම් අපට කියන්න!




වීඩියෝව ගත්තෙ මෙතනින් - CJ Kumarage

කුවේණි - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ | Kuweni - Ridma Weerawardena, Dinupa Kodagoda - sinhala lyrics


කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

වියූ සලුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

නිරිඳුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමි මෙමා

සලුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා


නිරිඳුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමි මෙමා


ගායනය - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ
සංගීතය - චරිත අත්තලගේ
ගී පද - චන්ද්‍රෙස්න තලංගම




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ridma Weerawardena

මෙම ගීතයේ නිළ වීඩියෝව මෙතනින් බලන්න - Kuweni (කුවේණී) - Ridma Weerawardena ft. Dinupa Kodagoda | Charitha Attalage [Official Video]

Related Posts Plugin for WordPress, Blogger...