මෙත් මල් පිබිදේවා - මොරිස් දහනායක | Meth mal pibidewa - Morris Dahanayaka - sinhala lyrics


මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා //

තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා //
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා

මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා

සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා //
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා

මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා //


ගායනය - මොරිස් දහනායක
සංගීතය - සරත් දසනායක
ගී පද - සිරිල් ඒ. සීලවිමල



වීඩියෝව ගත්තෙ මෙතනින් - udwimalakeerthi

Comments

  1. meth mal pibidewa sinduwe pada rachanaya saha sangiithaya kaageda..?

    ReplyDelete
    Replies
    1. siril A seelawimala / Sarath dasanayaka

      Delete
    2. ස්තූතියි අයේෂ්!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...