වළා තීරයෙන් එහා - ටී. එම්. ජයරත්න | Wala Theerayen Eha - T.M.Jayarathne


වළා තීරයෙන් එහා
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...

තරංඟයක් ලෙසින් අදී
බිදී නොයන් සිතින්..
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්...

වළා තීරයෙන් එහා...

සිහිල් සහන් සුසුන් සරින්
පවන් රොදක් ලෙසින්...
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්...

වළා තීරයෙන් එහා...

ගායනය : ටී. එම්. ජයරත්න
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ



වීඩියෝව ගත්තෙ - Dinura Pradeep Balasooriya

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...