සැදී රන් අභරණින් - මිල්ටන් මල්ලවආරච්චි | Sadi Ran Abaranin - Milton Mallawarachchi


සැදී රන් අභරණින් - රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරින් - පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලදේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබේ - මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්..
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්..
නොයෙන බව යලි දනිම්...

සැදී රන් අභරණින්...

ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්..
සුරත ඔබෙ පතන්නම්..

සැදී රන් අභරණින්...

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කුලරත්න ආරියවංශ


Comments

  1. මම ආසා තවත් එක සිංදුවක්... බෝම ස්තූතියි රසිකයෝ පැදුරට ගෙනාවට...

    ReplyDelete
    Replies
    1. මමත්....ස්තූතියි අදහසට සෝරෝ..!!!

      Delete
    2. Lyrics - Kularathne Ariyawansa
      Music - Clarance Wijewardana

      Delete
  2. ❤️❤️❤️

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...