සාපලත් සඳට - ස්කිට්සෝ | Saapalath sandata - Skitzo


සාපලත් සඳට තරහින් හීන වීසි කරන
පාපලත් මිනිස් අහිනක කයිවාරු ඇහෙනවද
කා බිබී නටන රමණය ජීවිතය කියන
පාරෙ යන සෙනග දෝතින් සාදු කියනවද //

විද්ද පඳුර යට හාවුන් සින්දු කියනකොට
දැක්ක ඇස්වලට රහසින් කඳුළු උනනවද
පත්තු වුණ උණ්ඩ දිලිසෙන සාලෙ මැද තියෙන
රට්ටුන්ට ගයන කටහඬ මේච්චල් මදිද

සාපලත් සඳට තරහින් හීන වීසි කරන
පාපලත් මිනිස් අහිනක කයිවාරු ඇහෙනවද
කා බිබී නටන රමණය ජීවිතය කියන
පාරෙ යන සෙනග දෝතින් සාදු කියනවද

ඇත්තු හති අරින මුඩු බිම ගිය නුවණ අදින
ලද්දු බලවත්තු ඉගිලෙන නැට්ටෙ එල්ලෙමුද
යක්කු සිල් ගත්තු නවගුණ වැලේ ඇට ගණින
පිටි කරල පත්තු පයබරවාය බඳිනවද

සාපලත් සඳට තරහින් හීන වීසි කරන
පාපලත් මිනිස් අහිනක කයිවාරු ඇහෙනවද
කා බිබී නටන රමණය ජීවිතය කියන
පාරෙ යන සෙනග දෝතින් සාදු කියනවද


ගායනය - මාධව, ස්කිට්සෝ
ගී පද - සුදන්ත මාධව

Comments