ඔබ ලඟින් ඉන්න බැහැනේ - ගයනි මධූෂා | Oba Lagin Inna Bane - Gayani Madusha


ඔබ ලඟින් ඉන්න බැහැනේ
ඇය ඔබ ලඟම නිසා..
ඔබ දුරින් ඉන්න හැම මොහොතක
දුක උරුම වෙලා..
මගෙ ආදරේ ඔයානේ - එය දන්නවනේ ඔයා
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා...

ඔබ නොදැක ඉන්න බැහැනේ..
තනිකමෙන් මා වෙලෙන්නේ..
ඔබ නොදැක ඉන්න හැම මොහොතක
කදුළු පිරෙනවා...//
සිත ඔබට දීලා මාගේ - තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා...

ඔබ ලඟින් ඉන්න බැහැනේ...

මට කවුරුවත්ම නැහැනේ..
ඔබ විතරමයිනෙ ඉන්නේ..
ඔබ නොලැබෙන බව දැනගෙන
ආදරේ කරනවා...//
මගෙ ලොවම මාගේ ඔබනේ
මම නෙමෙයි ඔබගෙ ලෝකෙ
මගෙ හුස්ම යනතුරා ඔබ හට ආදරේනෙ මා..

ඔබ ලඟින් ඉන්න බැහැනේ...


ගායනය - ගයනි මධූෂා
තනුව - ෂේන් කරුණාරත්න
පද - ෂේන් කරුණාරත්න



වීඩියෝව - Infinite Images

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...