ඔබ ඈත සඳ වී - බණ්ඩාර අතාවුද | Oba Atha Sada Wee - Bandara Athauda


ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ලඟ ඉන්නා..

අප දුරින් දුරක වුව තනියේ...
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත්බවිනි හද බැදුනේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ...

ඔබ ඈත සඳ වී ...

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ලංවීලා..
ඒ දුරක එදා අප පිපිලා...
දිගු සොඳුරු සෙනේ ගඟ සිදිලා...

ඔබ ඈත සඳ වී ...

ගායනය - බණ්ඩාර අතාවුද
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - ජයලත් මනෝරත්න

Comments

  1. ගොඩාක් හදවතට දැනෙන සිංදුවක්. බොහොම ස්තුති යාළුවා ^.^

    ReplyDelete
  2. usas rasawindanayak thiyena.....hadawathata dennena hodama sinduwak.

    ReplyDelete
  3. usas rasawindanayak thiyena.....hadawathata dennena hodama sinduwak.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...