නිසංසලේ අපි හමුවෙලා - ඉන්ද්‍රාණි පෙරේරා | Nisansale api hamuwela - Indrani Perera


නිසංසලේ අපි හමුවෙලා
තැනක තනි වෙලා
පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා
ආදරේ //

සඳක් වලා ගැබ තනි වෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලේ
මුසුව විසිරිලා ගීතිකා

නිසංසලේ අපි හමුවෙලා...

දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනි වෙලා
සබඳ එන තුරා මාවතේ

නිසංසලේ අපි හමුවෙලා... //


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ෂෙල්ටන් වීරරත්න


Comments

  1. nisansale geethaya liyala thiyenne shelton weerarathne.karunarathne abaeysekara neme.

    ReplyDelete
    Replies
    1. එළ! ඔයා කිව්වනං හරි වෙන්න ඕනනේ :D

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...