මනමාලයි ආදරෙත් නුඹ තරම් - සමිතා මුදුන්කොටුව | Manamalai Adareth Numba Tharam - Samitha Mudunkotuwa


පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්

කවිකාර හීනේ ලඟින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදි වරන හීනයේ - මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් - ඔය නමින්
නුඹ දුන්නු ආදරේ - අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා - හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ - එක හිතක යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ - දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ - තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ - නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසේ...

ගායනය : සමිතා එරන්දති මුදුන්කොටුව
පද රචනය : රඛිත වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුනගේ


Comments

  1. "හෙමි හෙමින් නැවතිලා තව හිත ලඟින්" යන පදය "හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්" ලෙසද
    "කවිකාර හීනෙ මගේ.." යන පදය "කවිකාර හීනේ ලඟින්" ලෙසත්
    "නවතින් හදවතේ" යන පදය "නවතින්න හදවතේ" ලෙසත්
    "තව හිතක් නෑ හිතේ" යන පදය "තව ඉඩක් නෑ හිතේ" ලෙසත් වෙනස් වුනා නම් ලස්සනයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...