කාත් කවුරුවත් - අමරසිරි පීරිස් | Kath Kauruwath - Amarasiri Peiris


කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගෙ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා...

සාංකා ඇහැරෙන ඝණ අදුරේ
ආත්මයම මගේ - රාත්‍රියම වැන්නේ
ඈත්වෙන්න නම්...
ඇයි තුරුලෙම උන්නේ...

වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් දිව - තවත් ඵලක් නැත්තේ..
ඒත් කියන්නම්...
හමුවෙමු මතු භවයේ....

කාත් කවුරුවත්...//

ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
සංගීතය : දර්ශන රුවන් දිසානායක


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...