කැකිරි පැලෙන ටිකිරි සිනාවයි - එම්. එස්. ප්‍රනාන්දු | Kakiri palena tikiri hinawai - MS Fernando


කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි //
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා
වාසනාව මෑත පෙනෙනවා
රහසකින් රසින් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි...

රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි...


ගායනය - එම්. එස්. ප්‍රනාන්දු
තනුව - එම්. එස්. ප්‍රනාන්දු
පද - එම්. එස්. ප්‍රනාන්දු




වීඩියෝව - Dinura Pradeep Balasooriya


Comments

  1. හරිම ලස්සනයි අය්යෝ. ඔයා මේක පල කරලා තියෙනවා හරිම ලස්සනයි. කැමති නම් මාව බලන්නත් ඇවිල්ලා යන්න එන්නකෝ අය්යේ...

    ReplyDelete
    Replies
    1. එක පාර කීදෙනෙක් බලන්න එන්නද අනේ?

      Delete
    2. නංගි හෙට මමත් සින්දුවක් දාලා අනිද්දා ඔයාව බලන්න ආවට කමක් නැද්ද පැටියෝ.

      Delete
    3. Kattiyama yamu meyawa balanna

      Delete
    4. seriously woman?

      Delete
  2. ade menna aathal... warella warella!

    ReplyDelete
  3. Mekige ekata yamaw kattiyama

    ReplyDelete
  4. සමහර ගායිකාවන්ගේ සහ ගායකයන්ගේ ගීත 1 හෝ 2ක් දාමා තිබෙනවා. ඔවුන්ගේ ගීත වැඩිපුර තව තවත් එක්කාසු කරනමෙන් ඔබලාගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි

    ReplyDelete
    Replies
    1. හැකිනම් කන්ටැක්ට් පෝරමය හරහා එම තොරතුරු දෙන්න.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...