ඊයේ දවස තරම් - ලෙලුම් රත්නායක | Iye dawasa tharam - Lelum Rathnayaka


ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේවි
යුවතියෙ ඔබම තරම්
හැඟුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්

ඊයේ දවස තරම්...

මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිපගැනුම්
ඇඳ වියනට ඉහලින්
ඔබ තුරුලට හෙලන්නම්

ඊයේ දවස තරම්...


ගායනය - ලෙලුම් රත්නායක
සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය


Comments

  1. පිබිදී නව ඍතුවක් සේ..
    සෘතුව විය යුතුයි!!

    ReplyDelete
    Replies
    1. හොදින් අසා බලන්න. එය 'සෘතුව' නොවේ, 'ඍතුවක්' ම ය.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...