හද පතුලේ - මිල්ටන් මල්ලවආරච්චි | Hada pathule - Milton Mallawarachchi


හද පතුලේ
හසරැල්ල කඳුලැල්ල කැළඹිල්ල
මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල
වෙන්නම් ඔබේ //

මුසාවන් ගොතා අනුන් කී කතා
නොමැකී තිබේදෝ සිතේ
අතීතේ කතා එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ

හද පතුලේ...

අපේ ආදරේ බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමි මගේ
පැතූ සේ දරා ඔබේ මා ඔබේ
නැලවෙන්න පියුමි මගේ

හද පතුලේ... //


ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



Comments

  1. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස් ලෙස වෙනස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වෙනස් කලා...“ස්තූතියි“

      Delete
  2. අපේ ආදරේ බිඳී යා නොහේ
    හිනැහෙන්න #පියුමි මගේ..
    පැතූ සේ දරා ඔබේ මා ඔබේ
    නැලවෙන්න #පියුමි මගේ..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...