බෝධියෙන් වට බෝ පතක් සේ - ඩබ්ලිව්.ඩී. අමරදේව | Bodhiyen wata bo pathak se - WD Amaradewa


බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ

සැලෙන බෝපත් සෙමින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී වැතිර ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ

ළදළු බෝ පත් තෙමා වෑහෙන
රිදීවන් සඳ දියෙන් නැහැවී
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්

බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
බෝධියෙන් වට බෝ පතක් සේ


ගායනය/ සංගීතය - ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද - පල්ලේගම හේමරතන හිමි



Comments

  1. අමරදේවයන්ට කලින් මේ ගීය උපාලි ජයලත්ගේ සංගිතයට නීල් කීර්තිපාල කුරේරා නම් ශිල්පියා රජරට සේවා සරලගී සදහා අසූව දශකයේ මැද කාලයේ ගැයුවා මතකයි. ගීය ලිව්වේ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...