අසුරු සැණින් එක මොහොතකදී- යමුනා විනෝදනී | Asuru sanin eka mohothakadi - Yamuna Vinodani


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී...



ගායනය - යමුනා විනෝදනී
ගී පද - කුසුම් පීරිස්


8 comments:

  1. පට්ටම සින්දුවක් මේක ......

    ReplyDelete
  2. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  3. ගී පද වල තේරුම් දාන්න පුලුවන් නම් ගොඩාක් හොද දෙයක්

    ReplyDelete
  4. ගී පද වල තේරුම් දාන්න පුලුවන් නම් ගොඩාක් හොද දෙයක්

    ReplyDelete
  5. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  6. ගොඩාක් ලස්සනයි

    ReplyDelete
  7. Nice...me song eke harima theruma dannako

    ReplyDelete
  8. Nice...me song eke harima theruma dannako

    ReplyDelete

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...