මගේ ලොවට ඔබ - නීලා වික්‍රමසිංහ | Mage lowata oba - Neela Wickramasinghe


මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිදී
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි පෙර මග නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා
කවදා හෝ එක් අරුණ උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර
වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා ///


ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස


Comments

  1. සංගීත නිර්මාණය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...