මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ - සුජාතා අත්තනායක, ටෝනි හසන් | Maha sagare ral bindi - Sujatha Attanayaka, Tony Hassan - sinhala lyrics

මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
මගේ ඔරුව සුන් වී ජලේ මං මුලා වේ
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
ඔබේ ඔරුව කොයිදෝ නැතේ පේන මානේ
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
රුවල් දැල් ඉරාලා කුණාටුව හමන්නේ
මගේ ඔරුව ආයේ නැතේ මෙතෙර එන්නේ
රුවල් දැල් ඉරාලා කුණාටුව හමන්නේ
මගේ ඔරුව ආයේ නැතේ මෙතෙර එන්නේ
අපේ පැල්පතේහී පහන් සිළු නිමාලා
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
මහා සාගරේ රැල් බිඳේ අන්ධකාරේ
පියා එයිද නේදෝ පුතා දූ අසන්නේ
පියා එයිද නේදෝ පුතා දූ අසන්නේ
අනේ හිමියනේ මා කුමක්දෝ කියන්නේ
පාළු වෙරල තීරේ නෙතේ කඳුළු පාදා
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
මගේ ඔරුව සුන් වී ජලේ මං මුලා වී
හිතේ දැල්වෙනා ගින්දරේ මා දැවෙන්නේ
හිතේ දැල්වෙනා ගින්දරේ අප දැවෙන්නේ
ගායනය - ටෝනි හසන්/ සුජාතා අත්තනායක
තනුව/ සංගීතය -
ගී පද -
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...