ඇයි කඳුළු බිංදු මනමාලිගෙ - කරුණාරත්න දිවුල්ගනේ | Ai kandulu bindu manamalige - Karunarathna Divulgane - sinhala lyrics


ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගියේ //

තටු කැඩී අතීතය හඬාවි
මගේ පුංචි පාළු කැදැල්ලේ //
ඒත් හීනෙන්වත් නුඹට දුකක්
වෙන්න එපා රත්තරන් නගේ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගියේ

තනා හිත ගිය තැන මාලිගාව
නිදාගන්න සිරි යහන් ගැබේ //
මම කරුණාවයි නැහැ තරහක්
ජාති ජාතිවත් මගේ හිතේ

ඇයි කඳුළු බිංදු මනමාලිගෙ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගියේ


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
තනුව/ සංගීතය - ගුණදාස කපුගේ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ





වීඩියෝව ගත්තෙ මෙතනින් -  Karunarathna Divulgane


Comments