උදාගි‍රින් දිනපතිඳා - රූපා ඉන්දුමතී | Udagirin dinapathinda aruna genena thuru - Roopa Indumathi - sinhala lyrics


උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු

සිරිමා බෝ පත් පිස එන පවන වාසනා
සිරිමා බෝ පත් පිස එන පවන වාසනා
සමාධි පිළිමයෙ මහිමය මහිම වාසනා
තිසා වැවේ අමා වතුර  සිහිල වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා

උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු

ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා
ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා
සීගිරි මනරම් සිතුවම් නෙතට වාසනා
සඳකඩ පහනේ රූ සිරි වරුණ වාසනා
සසර වසන තුරු මේ රන් දෙරණ වාසනා
සසර වසන තුරු මේ රන් දෙරණ වාසනා

උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු


ගායනය - රූපා ඉන්දුමතී
තනුව/ සංගීතය - සරත් බාලසූරිය
ගී පද - මීගහවෙල සුමනශාන්ත හිමි (ගිහි කල සරත් ගුණසිංහ)





වීඩියෝව ගත්තෙ මෙතනින් - Recording lk

Comments