මගේ පුතේ නුඹට - අමරසිරි පීරිස් | Mage puthe numbata - Amarasiri Peiris - sinhala lyrics


මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවට
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පිච්ච මල් රටා හිසලන පිච්ච මල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ හෙවනැල්ලේ සෙවණ ලබන විට
ඒ උණුසුමෙ ජාති ජන්ම ලියා තියෙනවද

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවට
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පුංචි කැදැල්ලේ සිරිකත ඔන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරි කැටියෙක් හිනා වෙලන විට
ඒ සිනහවෙ ජාති ජන්ම ලියා තියෙනවද

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවට
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද


ගායනය - අමරසිරි පීරිස්
තනුව/ සංගීතය - කලණි පෙරේරා
ගී පද - නිලාර් එන්. කාසිම්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Amarasiri Peiris - Topic

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...