සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ
අතකින් මල් දරාලා හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා
සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ
ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා
මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා
ජන කවියන් ගොතාලා කව් පදමාලා
කී විලසින් මං ගයමී රන්වන් ගී
හද සපුරාලා
සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
තනුව - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Janith Liyanage

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...