ඇය මට සීතා දේවී නොවේ - දයාරත්න පෙරේරා | Aya mata seetha devi nowe - Dayarathna Perera - Sinhala Lyrics
ඇය මට සීතා දේවී නොවේ
අතැර දා මා සෙනේ
යන්න යා නම් ඔහේ
ඉතිං යන්නේ නැතේ ආයේ මා //
සීතා දේවී කොහේ
නීලාකාසේ රෑ තුන් යාමේ
තාරකා ලෙසේ නුවන් පිපේදෝ
නීලාකාසේ පායන්නා සේ
ඉන්ද්‍රචාප නෙත් බැමේ තිබේදෝ
මං මුළා වී නැතේ
වේදනා නෑ සිතේ
යන්න යා නම් යාදෙන්
මා නම් නෑ එන්නේ
ඇය මට සීතා දේවී නොවේ
අතැර දා මා සෙනේ
යන්න යා නම් ඔහේ
ඉතිං යන්නේ නැතේ ආයේ මා
සීතා දේවී කොහේ
මාලා සෙවු ඒ සාලිය වාගේ
ආදරේ පුදන්නෙ නෑ ළඳේ මා
දස්කොන් වාගේ රොමියෝ වාගේ
ජීවිතේ පුදන්නෙ නෑ ළඳේ මා
මං මුළා වී නැතේ
වේදනා නෑ සිතේ
යන්න යා නම් යාදෙන්
මා නම් නෑ යන්නේ
ඇය මට සීතා දේවී නොවේ
අතැර දා මා සෙනේ
යන්න යා නම් ඔහේ
ඉතිං යන්නේ නැතේ ආයේ මා
සීතා දේවී කොහේ
ගායනය - දයාරත්න පෙරේරා
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hopalu Wanapetha - KDK Dharmawardhana Lyrics

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...