පන්දම රැගෙන යන්න එන්න මා හදවතට..
නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද..
ලියතඹර ලෙලවා හදමඬල යට..
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර..
මේ දුර දිවි කතරේ - අතරමගදි දැකලා නැතී..
රුවකට නෙත ගැටුනේ - කතරක වැසි වැටෙනා දැනේ..
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානේනෙ නා
අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනෙ තානේනෙ තනානේ..
ඉන වට බැන්දා වු මුතු පොට සැලෙන කොට..
පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන..
වැහි කලුව එනවා නුඹ නැති දාට..
සිත් අහසම පුරවා අන්ධකාරෙක..
මේ දුර දිවි කතරේ - අතරමගදි දැකලා නැතී..
රුවකට නෙත ගැටුනේ - කතරක වැසි වැටෙනා දැනේ..//
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානේනෙ නා
අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානේනෙ තානේනෙ තනානේ..
නා නාන නනනා නේ නා නා...
ගායනය : දනිත් ශ්‍රී
පද රචනය : දනිත් ශ්‍රී
සංගීතය : දනිත් ශ්‍රී
වීඩියෝව ගත්තෙ මෙතනින් - DHANITH SRI
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...