ඒත් අපි එක පන්තියේ - සාදර බණ්ඩාර | Eth Api Eka Panthiye - Sadara Bandara - sinhala lyrics


අනේ හිමියනි ඉදින් නවතිනු
සෙබළු බොහොමයි ගැන්සියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා  - සටන් කෙරුවත් හන්දියේ..
බංකරේ මා අන්තරේ නුඹ - ඒත් අපි එක පන්තියේ..

ගැටළු ඇති බව මට ද වැටහේ හොඳයි නිසි උද්ඝෝශනේ..
ඒත් විසදුම මෙහෙම පතුරන එක ද පාරේ භීෂනේ..
කසාවතකට උරුම දේ නම් රකිනු මිස බුදු සාසනේ..
ගලක් ගැහුවම වැහෙයි සයිටම් එයද සම්බුදු දේශනේ..

දෑත් එක්කොට කියමි අන්තිම වරට පෙන්නා ආදරේ..
යන්න පසුබැස තවම ඉස්සී නොමැත කඩුපොලු තෝමරේ..
පිරෙයි පවු මට තවත් අඩියක් පැන්නොතින් නුඹ බෝඩරේ..
අරන් ආවේ මමත් නුඹ මෙන් මට උඩින් දුන් ඕඩරේ..

අනේ හිමියනි...

ගායනය : සාදර බණ්ඩාර
පද රචනය : චමිදු මිහිරංග
සංගීතය : සාදර බණ්ඩාර


වීඩියෝව ගත්තෙ මෙතනින් - Sadara Bandara

Comments


  1. ගායනය : සාදර බණ්ඩාර
    පද රචනය : චමිදු මිහිරංග
    සංගීතය : සාදර බණ්ඩාර

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...