පුංචි පැලක් මේ කාලේ මාළිඟා - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා | Punchi Palak - Vijaya Kumarathunga, Chandralekha Perera - sinhala lyrics
පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා
දොලොස් මහේ නැකත ඇවිල්ලා..
ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා...
මල් වරා තිබූ දළු මල් බරින් පිරේ..
රන් ගොයම්ද කිරි වැදී සැලේ..
බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ..
කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ..
පුංචි පැලක් මේ කාලේ මාළිඟා...
කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී..
චන්ඳ්‍ර කිඳුරු නාඩගම දෙතේ..
කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා ඇදී..
ඈත කුඹුරු දිගේ සරුංගල් අරී..
පුංචි පැලක් මේ කාලේ මාළිඟා...
ගායනය : විජය කුමාරතුංග සමඟින් චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : සරත් දසනායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music


Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...