අවුරුදු ලඟා වුනා - එච්. ආර්. පෝතිපාල | Aurudu Laga Una - H.R. Jothipala - sinhala lyrics


අවුරුදු ලඟා වුනා - එරබදු මල් පිපුනා..
හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

ලාමක ලඳ බොළඳ ලියන් හෙළ දිවේ..හෝ..//
මුකුළු කතා හලා - කැකුළු සිනා නඟා...//
කැවුම් පිසා කිරිබත් කා ප්‍රිති වෙලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

අවුරුදු ලඟා වුනා...

ජාතික ගති සිරිත අපේ ඔප වැටේ..හෝ..//
ප්‍රීතී සුසුම් හෙලා - සාමේ කුසුම් නෙලා..//
රබන් පදේ දෙන තාලෙට ඉඟ සලලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

අවුරුදු ලඟා වුනා...

ගායනය : එච්. ආර්. පෝතිපාල
පද රචනය :
සංගීතය :


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music

Comments

  1. අවුරුදු ලඟා වුනා - එරබදු මල් පිපුනා..
    හෙළයේ මංගලයි මංගලයි මංගලයි නටපල්ලා
    සිරි සුභ නැකත බලා වැඩ අල්ලා - නටපල්ලා
    සිරි සුභ නැකත බලා වැඩ අල්ලා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...