සරු පස දිලේ (සාගතයට මුලයි දහදිය) - වික්ටර් රත්නායකය | Saru Pasa Dile (Sagathayata Mulai) - Victor Rathnayake - sinhala lyrics
සරු පස දිලේ පූදින ගොයමක් සේම..
මසුරන් දෙරණ ආකාසේ තරු සේම..
අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම..
නොඉඳින් මලේ අත පොරවා හැමදාම..
අහස තනිවේද විදුලිය කෙටුවාම..
පොළොව බය වේද මම බිම බැලුවාම..
මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම...
කුසේ ගිනි යාද අලසව හැඬුවාම..
වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම..
දුකකට මුලයි බුධදස්ලා නොලැබීම..
සාගතයට මුලයි දහදිය නොසැලීම..
පැරකුම්බා දවස සිහලුන් නැති වීම..///
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

Increase your stat using >> RED FEED >>
ReplyDeleteඅපේ තාත්ත කුරුටු ගාපු නෝට් පොතක මේ සිංදුවෙ පද ලයවිල තිබුණ මට මතකයි. අද තමයි හරියට සිංදුව දැක්කෙ. ගොඩක් ස්තූතියි...
ReplyDeleteඇඟේ හිරිගඩු පිපෙනවා සින්දුව ඇහෙනකොට...අපේ මිනිස්සු මෙවැනි අරුත්බර ගීත කවදා හදවතින් අසාවිද....????
ReplyDelete