නුවරඑළියෙ සිසිල් බවයි - දමිත් අසංක | Nuwara Eliye Sisil Bawai - Damith Asanka - sinhala lyrics


නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල..
මහවන්නියෙ වියළි බවයි විටකදි හද මඬල..
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල..
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල..

ගාලු කොටුවේ බැම්ම වගේ - රැකවරනය දුන්නා..
උණවටුනේ වෙරළ වගේ - සුන්දර බව මැව්වා..
හුම්මානේ වතුර වගේ - දුන් සෙනෙහස ගත්තා..
කතරගමේ දෙවිදුන් හට - මගෙ දුක මම කිව්වා..

නුවරඑළියෙ සිසිල් බවයි...

මහවැලි ගඟ බෙදුවා වගේ - ඔබ මා වෙන්කෙරුවා..
දුන්හිඳ දිය ඇල්ල වගේ - මගෙ සිත ඇද වැටුනා..
හුන්නස්ගිරි කන්ද වගේ - හුදකලාවේ උන්නා..
ඉසුරුමුණියේ පෙම් යුවලට - මගෙ දුක මම කිව්වා..

නුවරඑළියෙ සිසිල් බවයි...

ගායනය : දමිත් අසංක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Sayuri Sathsarani


Comments

  1. අතිශය දුර්වල පදරචනයක්

    ReplyDelete
    Replies
    1. mehi orginal pada rachakaya kawda ? orginalsong eke ?

      Delete
  2. මහ වන්නියෙ වියළි බවයි...
    මහ වන්නියෙ විරල ..????

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...