වෙන්වීලා ගියදා පටන් - රුවන් හෙට්ටිආරච්චි | Wen Weela Gyada - Ruwan Hettiarachchi - sinhala lyrics


වෙන්වීලා ගියදා පටන් ඔබ මා
ආයේ නොයෙනා ලෙසින්
කඳුළු අඩු නැතිව - විදිනවා තවම
ඔබට සතුටුයි ද දැන්..
ඔබට සතුටුයි ද දැන්..

කැදලි තනා මැව්ව මුසා
බොරු නොවේ යැයි සිතා
ලුහු බැදලා දිවිය පවා
සුසුම් යායක් වෙලා..
මුවඟ සිනා පාවී ගියා..
කිසිදා සිතින් - නොසිතූ දුරින්..

වෙන්වීලා ගියදා පටන්...

යහන පුරා මුකුළු කතා
මතකයේ නැවතිලා..
දෙනෙත තෙමා කුදුළු ලියා
සිහිනයක් සේ මෙදා..
මැණික කියා රැකගත් ඔයා..
පියඹා ගිහින් කාටත් හොරෙන්..

වෙන්වීලා ගියදා පටන්...

ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : චමත් සංගීත්



වීඩියෝව ගත්තෙ මෙතනින් - New sinhala love Songs

Comments